Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නිදහස් කුසලානය 2018 - අද පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය ගැන හතුරුසිංහ කියපු විශේෂ කතාව මෙන්න.

Nidahas Trophy 2018

Source: Twitter

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසාන තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (16/03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 ට  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ යන කණ්ඩායම් දෙකම මේ වන විට එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.

බංග්ලාදේශය හා ඉන්දියාව අතර පසුගිය මාර්තු 14 වන දින පැවති තරගයෙන් ඉන්දියාවට ලකුනු 17ක ජයක් හිමිවීමත් සමග ඉන්දියාව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තත්ත්වය තුල බංග්ලාදේශයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් බංග්ලාදේශයේ සිට ඊයේ (15/03) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය කටයුතු කොට තිබුණි.

මේ අනුව සකීබ් අල් හසන් අද තරගයට බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත.

සකීබ් අල් හසන් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ සමග බංග්ලාදේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඇගිල්ලේ ඇතිවූ තුවාලයක් හේතුවෙන් විවේක ගන්වා තිබුණි.

මේ අතර වේග පන්දු යවන්නන් පිළිබඳ තබා ඇති විශ්වාසයේ කිසිදු අඩුවක් නොමැති බවත් අද තරගයේදී වේග පන්දු යවන්නන් යම් සාර්ථක තත්ත්වයක් පෙන්නුම් කරනු ඇති බවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසූවේය.

“ ගෙවී ගිය තරග දෙකේදී වේග පන්දු යවන්නන් තරමක් අසාර්ථක වුණා. එසේ වූ පමණින් පන්දු යවන බළ ඇණිය වෙනස් වෙන්නේ නෑ. බංග්ලාදේශය හොද කණ්ඩායමක්. ඒ වගේම සකීබ් අල් හසන් අද තරගයට එක්කර ගැනීමට ඔවුන් කල්පනා කොට තියෙනවා. සකීබ් ලොව සිටින අංක එකේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. මේ තරගාවලියට පෙර සිටි ශ්‍රී ලංකා පිලේ තත්ත්වයට වඩා අද වෙනස්. දියුණුවක් පේන්න තිබෙනවා. දැන් ක්‍රීඩකයන් විශාල ලකුණු කරා යනවා. අප මේ තරගය පීඩනයකින් තොරව මුහුණ දෙනවා. තරගාවලියේ පළමු තරගය වගේම මේ තරගයටත් පූර්ණ අවධානය යොමු වෙනවා. විශේෂත්වයක් නෑ. අප දන්නවා මේ තරගය ඉතාම තීරණාත්මක එකක් බව." යනුවෙන්ද හතුරුසිංහ පැවැසීය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now