SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින්ගේ ව්‍යාජ සහ අව්‍යාජ බව හෙළිවෙයි.

REFUGEE NUMBERS
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටා ඇති නාවුරු සහ මානුස් සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල වෙසෙන දහසකට අධික සරණාගත පිරිසෙන් බහුතරයක් සත්‍ය සරණාගතයින් බවට කරුණු අනාවරණය වෙයි.

ඒ අතරින් නාවුරු  සරණාගත මධ්‍යස්ථානයේ සරණාගත භාවය අපේක්ෂාවෙන් සිටින පිරිස 431ක් වන අතර ඉන් වැඩිහිටියන් 330 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු මේ මස අගදී ඇමරිකාවේ නැවත පදිංචි කිරීම සිදුවෙනු ඇති බවද  ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සෙනෙට් කමිටුවට දැනුම් දී තිබේ.

නාවුරුහි සිටින 26 දෙනෙකු සත්‍ය සරණාගතයින් නොවන බවට හඳුනාගෙන ඇතැයිද , තවත් 75 දෙනෙකු සඳහා දේශපාලන රැකවරණ ලබාගැනීම වෙනුවෙන් වුනු ඉල්ලීම් පිළිබඳව තොරතුරු විමර්ශනය කෙරෙමින් පවතින බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එහිදී කරුණු හෙළිකොට සිටියේය.

එසේම මානුස් දුපතේ පිහිටා ඇති සරණාගත මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් ගණන 584 ක් බවත් ඉන් 456 දෙනෙකු සත්‍ය සරණාගතයින් බවත් හඳුනාගෙන තිබේ.

තවත් 121 දෙනෙකු සැබෑ සරණාගතයින් නොවන බවට හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 7 දෙනෙකු සඳහා ඔවුනගේ මවුබිමේ ඇති තර්ජන පිළිබඳව සලකා බලා දේශපාලන රැකවරණ ලබාදීමට තීරණය කොට ඇතැයිද ස්වදේශ කටයුතු අමාත්‍යංශය  පෙන්වා දී තිබේ.

එසේම පසුගිය වසර 5 තුලදී පුද්ගලයින් 1,246 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට කැඳවාගෙන එනු ලැබ ඇතැයිද සෙනෙට්  කමිටුව හමුවේ කරනු අනාවරණය වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now