SKIP TO MAIN CONTENT

පනින්නේ නැහැ කියූ දෙදෙනෙක් සමග නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

Sri Lanka New Cabinet sworn in
Source: Sri Lanka President Media

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව නව රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (29/10) රාත්‍රීයේ දිවුරුම් දුන්හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම් සිදුකෙරුණි.

ඊයේ දිවුරුම් දුන් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු

01- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා - මුදල් හා ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය

02- නිමල් සිරිපාල ද සිල්වා මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

03- ආචාර්ය සරත් අමුණුගම මහතා - විදේශ කටයුතු අමාත්‍ය

04- මහින්ද සමරසිංහ මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍ය

05- මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය

06- රංජිත් සියඹලාපිටිය මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

07- විජයදාස රාජපක්ෂ මහතා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

08- විජිත් විජයමුණි සොයිසා මහතා - ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීක කටයුතු

09- ෆයිසර් මුස්තාෆා මහතා - පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය

10- ඩග්ලස් දේවානන්ද මහතා - නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

11- ආරුමුගම් තොණ්ඩමන් මහතා - උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය

12- වසන්ත සේනානායක මහතා - සංචාරක සහ වනජීවි අමාත්‍ය

13- වඩිවෙල් සුරේෂ් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

14- ආනන්ද අලූත්ගමගේ මහතා - සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now