SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය වලින් මෙතුවක් හරි හැටි වැඩ අරන් නැහැ : සුසිල් ප්‍රේම්ජයන්ත්.

Politics of Sri Lanka
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ඛණිජ සම්පත් අපනයනය හා පරිහරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විධිමත් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.

ඉතා පිරිසිදු හා ඉහළ වටිනාකමින් සමන්විත ඛණිජ ද්‍රව්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව සමන්විත වුවත් මෙරට ඒ ආශ්‍රීත නිෂ්පාදන සිදු නොවීම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට අවාසිසහගත බව ඒ මහතා කීවේය.

එබැවින් විදේශයන්ට අපනයනය කරන ඛණිජ සම්පත් යොදා ගනිමින් නිෂ්පාදනයන් මෙරට ආරම්භ කළ හැකි පරිදි ප්‍රතිපත්තියක් සකස් විය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ සිංගප්පූරුවේ නැන් යෑන්ග් (Nan Yang) තාක්ෂණික විශ්ව විද්‍යාලය එක්ව සංවිධාන කළ සම්මාන ප්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ජලාශ පද්ධති හා ජල පෝෂක කලාප සුරක්ෂිතතාව වෙනුවෙන් සේවය කළ ආයතන හා පුද්ගලයන්ට සම්මාන ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති  මෙම උත්සවයේදී ශ්‍රී දළදා මාලිගාව, මහනුවර මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇතුලු ආයතන රැසක් සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අනර්ඝ තත්ත්වයෙන් යුතු ඛණිජ සම්පත් අපනයනය කොට එම රටවලින් පරිගණක චිප් ආදිය මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවත් ඒ වෙනුවට මෙරට තුළ අදාල නිෂ්පාදන ආරම්භ විය යුතු බවත් කිවේය.

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විශාල ප්‍රමාණයක් ලොව විවිධ රටවල සේවය කරන බව කී අමාත්‍යවරයා සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙසේ ද කීවේය.

“වෙනත් රටවල සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ සේවය අප රට වෙනුවෙන් ලබා ගත යුතුයි. නවීන තාක්ෂණය සමග ලෝකයට පිවිසීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. කාර්මික තාක්ෂණය අභිභවා ගිය නැණෝ තාක්ෂණය දක්වා ගමන් කරන යුගයක් අද එළැඹ තිබෙනවා. මෙහිදී ලෝකය හමුවේ සපුරාගත යුතු සංවර්ධන ඉලක්ක 17ක් අපට උදාකර ගත යුතුයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිර්දේශ අනුව දුගී බව තුරන් කිරීම, ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ඉලක්ක කඩිනමින් සපුරා ගත යුතුව තිබෙනවා. ජනතාවට පිරිසිදු ජලය ලබාදීම ද අපට මුහුණදිය යුතු තවත් ඉලක්කයක්.”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now