අද පකිස්තාන මැතිවරණ දිනයේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින 30 දෙනෙකු පමණ මරුට ..

Pakistani soldiers patrol outside a voting material distribution centre in Lahore on July 24, 2018.Pakistan will hold its general election on July 25. / AFP PHOTO / WAKIL KOHSAR

general election on July 25. / AFP PHOTO / WAKIL KOHSAR Source: AFP

පකිස්තානයේ මැතිවරණ දිනයේ Quetta හි චන්ද මධ්‍යස්තානයකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වගකීම IS සංවිධානය භාර ගෙන තිබෙනවා . නමුත් මෙම ප්‍රහ්හාරය සදහා වෙනත් සාක්ෂි තවම හෙළි වී නැහැ

මෙම ප්‍රහාරයෙන් 30 දෙනෙකුමිය ගොස් ඇති අතර 35 දෙනෙකු තුවාල ලබා ඇත, එසේම මෙවන් ප්‍රහාරයක් මෙම මස සිදුවූ දෙවැනි අවස්තාව මෙයයි .

ප්‍රහාර කරු චන්ද මධ්‍යස්ථානයට ඒමට තැත් කොට ඇති අතර මෙවර මැතිවරණයේ ජය ඉම්රාන් කාන් ට හිමිවෙතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වේ .

මෙවර මැතිවරණයේ දී මිලියන 106 දෙනාට චන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාව ලැබී තිබේ. මෙය වැඩි කාලයක් හමුදා පාලනයක් යටතේ පැවති රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අවස්තාවක් බවත් කිව හැකියි

නමුත් මෙම මැතිවරණය දුෂණයෙන් පිරි එකක බවටත් වාර්තා පවසයි . ආයුධ සන්න්දද්ධ පිරිස් මැතිවරණයට පෙර විවිධ බලපෑම් එල්ල කර ඇති බවත් ඊට පකිස්තාන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ගේ සම්බන්ධයක් ඇති බවටත් පැවැසේ

මෙවර මැතිවරණය ඉම්රාන් ඛාන් ගේ Pakistan Tehreek-e-Insaf (PTI), හා හිටපු අගමැති  නවාස් ෂරීෆ් ගේ සොයුරා විසින් නායකත්වය සපයන Pakistan Muslim League-Nawaz අතර තරගයක් බවට පත් විය

ඉම්රාන් ඛාන් චන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රකාශ කොට ඇත්තේ සිය රට ප්‍රාණ ඇපයට තැබූ පක්ෂ පරාජය කිරීමට කාලය එලබ ඇති බවයි

මැතිවරණය සදහා 800,000 ක් පමණ පොලිස් භටයන් මෙම පසුගිය සති කිහිපයේදී සිදුවූ ප්‍රහාර වලින් 180 දෙනෙක් මිය යාමත් සමග ආරක්ෂාව සදහා යොදවා තිබේ

මේ අතර අද Balochistan හිඇත බෝම්බ සිදුවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබේ

නමුත් ලාහෝරයේ චන්ද ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයන් ප්‍රකාශ කොට ඇත්තේ මැතිවරණය සාධාරණව පැවති බවයි

මෙවර මැතිවරණ අපේක්ෂකයින්

pk
Source: AAP

ඉම්රාන් ඛාන් මෙවර මැතිවරණයේදී පොරොන්දු දී ඇත්තේ රටේ පරිසරය සුරකිමින් දුෂණය නිමා කොට ඉස්ලාමික සුභසාධන සහිත දේශයක් ගොඩ නගන බවයි .නමුත් ඔහු රහසේම හමුදා සහය ලබා ගන්න බවටද චෝදනා තිබේ . එය හමුදාව විසින් ප්‍රතික්ෂේප කොට ඇත

හිටපු අගමැති  නවාස් ෂරීෆ් සිර ගත කිරීමෙන් ඛාන් ට ඔහුගේ භයානක ප්‍රතිවාදියා ගෙන් මිදීමට හැකි වූ බවටද සදහන් . Pakistan Peoples Party යන තුන්වෙනි බලවේගය ලෙස හඳුන්වන පක්ෂය හිටපු අගමැති  බෙනාසිර් බුතෝ ගේ පුතනුවන් Bilawal Bhutto Zardari විසින් නායකත්වය සපයයි . ඔවුන් ජයගන්න පක්ෂය හා සන්ධාන ගත වනු බවටද බලා පොරොත්තු වේ

පකිස්තාන යේ Gallup Pakistan ආයතනය පවසන්නේ ජයග්‍රහණය කාට හිමි වේ දැයි තවමත් පැවසිය නොහැකි බවයි 

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now