SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ලංකාවට ලකුණු 226 ක පරාජයක්.

1st Test, Sri Lanka tour of West Indies
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගන්නට කොදෙව් කණ්ඩායම ඊයේ (10/06) සමත් විය.

Port of Spain හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කොදෙව් කණ්ඩායම් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර,  ඒ අනුව ඔවුහු පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 414ක් වාර්තා කර ඉනිම අතරමග නවතා පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්හ.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී වාර්තා කළ හැකිවුයේ ලකුණු 185ක් පමණි.

පසුව දෙවැනි ඉනිම ආරම්භ කල කොදෙව්වන් තම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7 කට ලකුණු 223ක් වාර්තා කොට, ලකුණු 453ක ඉලක්කයක් සමගින් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර, සියල්ලන්ම දැවී ශ්‍රී ලංකාවට එහිදී වාර්තා කල හැකි වුයේ ලකුණු 226ක් පමණි.

තරගයේ වීරයා සම්මානය කොදෙව් කණ්ඩායමේ Shane Dowrich හට හිමි විය.

ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ කොදෙව් කණ්ඩායම 1ට 0ක් ලෙස මේ වන විට පෙරමුණේ සිටින අතර, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය Saint Lucia හිදී එළබෙන 14දා ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now