SKIP TO MAIN CONTENT

තායිලන්තයේ ලෙනක සිරවී සිටි පාපන්දු කණ්ඩායම මාධ්‍ය හමුවට

Twelve rescued members of the Wild Boar football team and their assistant coach share their story for the first time.
Twelve rescued members of the Wild Boar football team and their assistant coach share their story for the first time. Source: AAP

1 min read

Published

Source: SBS News


Skip to article content

තායිලන්තයේ ලෙනක සිරවී සිටියදී, දින ගණනාවක මෙහෙයුමකින් පසුව මුදා ගනු ලැබූ ළමා පාපන්දු ක්‍රීඩකයින් පලමු වරට ඊයේ (ජුලි 18 දා) මාධ්‍ය හමුවේ පෙනී සිටියා.ලෙන තුල වතුර තුලින් පළමුවෙන්ම කිමිදුම් කරුවෙකු මතු වූ අවස්ථාවේ තමන් පුදුමයට පත් වූ බව ලෙන තුල සිරවී සිටි Wild Boars පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිස සදහන් කලා. ලෙනේ වහල තුලින් කාන්දු වූ ජලය තමන්ට සජලනය වීම සදහා උපකාරී වූ බව ඔවුන් මෙහිදී සදහන් කළා. තවද මෙම කාලය තුල තමන් ජලය පමණක් පානය කල බව එක් Wild Boars සාමාජිකයෙක් සදහන් කළේය.

තවද මෙම ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමේදී තායිලන්ත නාවික හමුදාවේ හිටපු කිමිදුම් කරුවෙක් වන 38 හැවිරිදි Samarn Kunan, ජිවිතක්ෂයට පත් වූ අතර එම අවාසනාවන්ත සිද්ධිය පිලිබදව තමන් සහ කණ්ඩායමේ සාමාජිකයින් අතිශය කනගාටුවට පත් වන බව පුහුණු කරු Ekkapol Chantawong මාධ්‍ය හමුවේ සදහන් කර තිබිණි. තමන් ඇතුළු කණ්ඩායම ලෙන තුලට ගමන් කලේ කෙටි අධ්‍යනයක් කර නැවත පැමිණ එය ගවේෂණය කිරීමට බවත් පුහුණු කරු වැඩි දුරටත් සදහන් කළේය.

තවද තායිලන්ත රජු විසින් මෙම මුදා ගැනීමේ මෙහෙයුමට දායක වුවන්ට ස්තුති කිරීම සදහා විශේෂ සාදයක්ද සංවිධානය කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now