SKIP TO MAIN CONTENT

නැගෙනහිර පළාතේ ෂරියා විශ්ව විද්‍යාලය, පුද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පත් කරන බව ජනපති මෛත්‍රී පවසයි.

Sharia University Sri Lanka
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

නැගෙනහිර පළාතේ ඉදිවෙමින් පවතින මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් ෂරියා විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.

වතමන් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ගේ ප‍්‍රධානත්වයෙන් 2013 වසරේදී මෙම ෂරියා විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර මෙය ඉදිකළ පසුව දකුණු ආසියාවේ පවතින විශාලතම ඉස්ලාම් විශ්ව විද්‍යාලය වන බවටද වාර්තා විය.

මේ සඳහා සෞදි අරාබියාව සහ කටාරය ආයෝජන සපයන බවද සඳහන්.

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් 21 වන දින බෝම්බ ප්‍රහාරයට මුහුණ පෑ මඩකලපුව සියොන් දේවස්ථානයේ සහ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක ඊයේ (08/05) නිරත වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now