Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලාංකේය සිනමාවේ යුග පුරුෂයා ජීවන සිනමාවට සමු දෙයි.

Dr. Lester James Peries dies aged 99

Source: colombogazette

ශ්‍රී ලාංකේය සිනමාවට අප්‍රමාණ මෙහෙවරක් කළ අග්‍රණය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ශ්‍රී ලංකා වේලාවෙන්  ඊයේ (29/04) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලදී අභාවප්‍රප්ත වූ බව වාර්තා වේ.

අධ්‍යක්‍ෂවරයකු, තිර රචකයකු හා නිෂ්පාදකවරයකු වූ ලෙස තුන් වැදෑරුම් අංශයන්ගෙන් සිංහල සිනමාවට මහගු දායකත්වයක් සැපයූ ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.

 

1947 වසරේදි එංගලන්තයට ගොස් කලාව පිළිබඳ වැඩිදුර හැදෑරු පීර්සි මහතා 1952 වසරේදී නැවැත ලංකාවට පැමිණ රජයේ චිත්‍රපට අංශයේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ විලී බ්ලෙක් හා ටයිටස් තොටවත්ත මහත්වරුන් සමඟ එකතුවී රේඛාව චිත්‍රපටය නිර්මාණය කළේය.

1956 වසරේදී නිර්මාණය වූ රේඛාව, එළිමහනේ රූගත කළ පළමු සිංහල සිනමා පටය ලෙස හැඳින්වේ.

ඉන් අනතුරුව සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව ආදි සිනමාපට ඔහු විසින් නිර්මාණය කළ අතර ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ අවසන් සිනමා පටය ලෙස 2006 වසරේදී තිරගතවූ අම්මාවරුනේ චිත්‍රපටය හැඳින්වේ.

1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවිය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now