SKIP TO MAIN CONTENT

බලය අයුතු ලෙස භාවිත කරමින් වීසා ලබා දුන් බවට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිට චෝදනා පිට චෝදනා.

Peter Dutton intervened in second au pair visa case to 'help former police colleague'
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

තම බලය අයුතු ලෙස භාවිත කරමින් ඉතාලි ජාතික කාන්තාවකට ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට වීසා ලබාදීමට කටයුතු කර ඇති බවට හිටපු සංක්‍රමණ කටයුතු පිළිබද ඇමති හා වත්මන් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති Peter Dutton  හට චෝදනා එල්ල වී තිබේ.

අදාල කාන්තාව සංචාරක වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ඇතුළු වී, ළමුන් රැකබලාගැනීමේ නිරත වීමට සැලසුම් කර ඇති බවට ඔස්ට්‍රේලියානු දේශ සීමා සුරැකීමේ නිලධාරීන් සැක පළකිරීමෙන් පසුව ඇය බ්‍රිස්බේන් ගුවන් තොටුපොළේ රදවා තබාගෙන ඇති අතර, පසුව ඇයට වීසා ලබාදෙන ලෙස එවකට සංක්‍රමණ කටයුතු අමාත්‍ය වරයා ලෙස කටයුතු කල Peter Dutton කටයුතු කළ බවට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.

Michela Marchisio නම් මෙම ඉතාලි ජාතික කාන්තාව කලකට පෙර Peter Dutton සමග සේවය කල දැනට ක්වීන්ස්ලන්ත පොලිසියේ සේවය කරන  Russell Keag මහතාගේ නිවසේ සේවය සදහා පැමිණි බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

අදාල චෝදනා ප්‍රතික්ෂේප කරන Peter Dutton පවසන්නේ මෙහිදී තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවය.

මේ පිලිබදව අදහස් දක්වන විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසන්නේ මේ සදහා ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පිළිතුරු ලබාදිය යුතු බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now