SKIP TO MAIN CONTENT

ලොව විශාලතම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙයි.

Indian Election 2019
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලොව විශාලතම මැතිවරණය ලෙස හැඳින්වෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඊයේ (19/05) අවසාන විය.

මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පියවර 7 කින් පැවැත්වුණු අතර එහි අවසාන පියවර යටතේ බටහිර බෙංගාලය, කොල්කටාව, වරනාසි යන කලාප වල ඡන්ද දායකයෝ සිය ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ අනුව ඡන්ද ගණනය කිරීම එළඹෙන මැයි 23 වන දින ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

මෙවර ඉන්දීය අගමැති ධුරයට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන Narendra Modi හට ඉන්දීය ජාතික කොන්ග්‍රසය නියෝජනය කරන හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටින බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now