SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් පසුව විපක්ෂය තම නව ඡායා කැබිනට්ටුව නම් කෙරේ.

Labor Shadow Cabinet
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කම්කරු පක්ෂයේ නව ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් හට අදාළ විෂයය පථයන් කම්කරු පක්ෂයේ නව නායක Anthony Albanese විසින් නිවේදනය කළේය.

ඒ අනුව කම්කරු පක්ෂයේ මෙම නව ඡායා කැබිනට්ටුව මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගෙන් සමන්විතය.

ඒ සඳහා නව මුහුණු 4 ක්ද ඇතුළත් කර තිබීම සුවිශේෂී කරුණකි.

කම්කරු පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස පත්වුණු Richard Marles හට ආරක්ෂක කටයුතු විෂයය ලබා දී තිබේ.

මෙම නව ඡායා කැබිනට්ටුවේ කම්කරු පක්ෂයේ හිටපු නායක Bill Shorten හට ජාතික ආබධිත රක්ෂණ වැඩසටහන මෙන්ම රාජ්‍ය සේවා යන විෂයය පථයන් ලබාදී ඇත.

විදෙස් කටයුතු පිළිබද කම්කරු පක්ෂයේ නියෝජිතවරිය ලෙස Penny Wong ද ස්වදේශ කටයුතු පිළිබද කම්කරු පක්ෂයේ නියෝජිතවරිය ලෙස Kristina Keneally ද පත් කර තිබේ.

කම්කරු පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායිකා Tanya Plibersek හට සිය සුපුරුදු අධ්‍යාපන සහ පුහුණු කටයුතු විෂයය පථයන් ලබා දී ඇත.

භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ වගකීම දැරූ Chris Bowen හට මෙවර සෞඛ්‍ය විෂයය බාරදී ඇති අතර කම්කරු පක්ෂයේ නව භාණ්ඩාගාරික ඡායා අමාත්‍යවරයා ලෙස Jim Chalmers පත් කෙරිණි.

නව ඡායා කැබිනට්ටුව කම්කරු පක්ෂයේ නව ගමනට ඉතා හොඳ ආරම්භයක් ලබාදෙන බව කම්කරු පක්ෂයේ නව නායක Anthony Albanese පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now