SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංක මීළඟ ක්‍රිකට් තරග නැරඹීමට එන ක්‍රීඩා ලෝලීන්ට තහනම් දේවල් මෙන්න.

Several stuff to ban in next three matches between SL and India.
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: Sri Lanka Crikcet


Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී හෙට (31/08) පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් හට භාණ්ඩ කිහිපයක් රැගෙන ඒම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර ඇත.

ඒ අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර තිබේ.

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇත.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග සඳහා ආරක්ෂාව දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

පසුගිය එක් දින තරග ද්විත්වයේ රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී කී‍්‍රඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම ඊට හේතුව වී ඇත.

කොළඹ ආර්. පේ‍්‍රමාදස කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යෙදවීමට අපේක්ෂිත අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද ආරක්ෂාවට යොදවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

මීට අමතරව පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත බවද ඔහු සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now