SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: වර්ෂාව නිසා දකුණු අප්‍රිකා - කොදෙව් තරගය අත්හැර දැමීමෙන් දකුණු අප්‍රිකාව තවත් අසරණ වෙයි.

ICC Cricket World Cup 2019
Source: ICC

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස දකුණු අපිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර සදම්ප්ටන්හි හැම්ප්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදී ඊයේ (10/06) පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරාගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඕවර 7.3 ක් අවසානයේ වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.

ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි දකුණු අපිකාව කඩුලු 2 ක් දැවී ලකුණු 29 ක් ලබා සිටියේය.

තරගය නතර කරන විට ක්වින්ටින් D කොක් ලකුණු 17 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටි අතර නායක ඩුප්ලෙසි ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.

මෙම තරගය දකුණු අප්‍රිකාවට අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතුව තිබූ තරගයක් විය.

ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමි වූ අතර මේ වන විට 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Google

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය අද (11/06) ආරම්භවීමට නියමිතය.

මෙම තරඟය බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේදී  ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතය.

පුහුණුවීම් අතරතුරදී සුළඟිල්ලේ ඇතිවූ අබාධයක්  හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හට අද තරඟයට සහභාගිවීමට නොහැකි වෙයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම මේ වන විටත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මීට පෙර තරඟ  3 කට සහභාගිවී ඇති අතර කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයග්‍රහණය කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now