SKIP TO MAIN CONTENT

අද (අගෝ 5) වන විට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 725ක්, මියගොස් ඇති අය අතර වයස තිස් ගණන් වල අයෙකුත්

Victoria yaingia katika wiki ya tatu ya vizuizi vikali vyaku kabili COVID-19
Victoria yaingia katika wiki ya tatu ya vizuizi vikali vyaku kabili COVID-19 Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද එනම් අගෝස්තු 5 වනදා උදෑසන වනවිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන අළුතෙන් කොරෝනා වෛරසයට ගොදුරු වුනු සංඛ්‍යාව 725 ක් ලෙසට වාර්තාවේ.

එසේම තවත් කොරෝනා මරණ 15ක් අද පෙරවරුව වන විට වාර්තා වී ඇත. මින් 12 දෙනෙකු වැඩිහිටි නිවාස වල විසූ නේවාසික පුද්ගලයින් බවද වාර්තාවේ. මෙලෙස මියගිය පුද්ගලයින් 15 දෙනා අතර වයස අවුරුදු 30 ගණනක පසුවන ලාබාල පුද්ගලයෙකුද සිටීම විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (5 Aug) පෙරවරුවේ පැවති තම දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කොට සිටියේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 538 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. ඉන් 42 කු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේය.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

නැතිනම් SBS සිංහල සේවයේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese

සවන්දෙන්න SBS සිංහල සේවයට සඳුදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

පෙරවරු 11 සිට 12 දක්වා

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now