14 වන බටහිර ආසියානු බේස් බෝල් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති අවසන් මහා තරගයේදී පාකිස්ථානය 5 ට 4 ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව 14 වන බටහිර ආසියානු බේස් බෝල් ශූරතාව හිමි කරගත්තේය.
දියගම - මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අවසන් මහා තරගය පැවැත්වුණු අතර ඉන්දියාව මෙහි තෙවන ස්ථානයට පත් විය.
ශ්‍රී ලංකාව විසින් පසුගිය වසරේද බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගනු ලැබීය.