SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දුම්රිය වල මගී ආසන පසුපසට සවි කරයි.

New inter-city NSW trains
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව නගරාන්තර දුම්රිය වල අඩකට ආසන්න දුම්රිය මගීන් හට පසුපසට හිඳගෙන යාමට සිදුවන බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සිට මධ්‍යම සහ දකුණු වෙරළ තීර වලට මෙන්ම Newcastle  සහ Blue Mountains ප්‍රදේශ වලට ධාවනය කිරීමට නව තට්ටු දෙකේ නගරාන්තර දුම්රිය 500ක් දකුණු කොරියාවේදී මේ වන විට නිමවා ඇති බව සඳහන්.

එම සියලු දුම්රිය වල මගී ආසන වලින් හරි අඩක් පසුපසට හිඳගන්නා ලෙස සකස් කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සැලකිය යුතු දුර ප්‍රමාණයක් මෙම දුම්රිය තුළ ගමන් කරන මගීන් හට විවිධ සෞඛ්‍ය අපහසුතා ඇතිවන බවට ඔවුන් ප්‍රාන්ත රජයට චෝදනා කරයි.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ධාවනය වන සියලුම දුම්රිය වල මගී ආසන ඉදිරියට හා පසුපසට පෙරළිය හැකි අයුරින් නිමවා ඇති නමුත් මෙම නව දුම්රිය වල එම පහසුකම නොමැති හෙයින් මෙම තත්ත්වය උද්ගතවී තිබේ.

ඇතැම් දුම්රිය මගීන් ද මෙම පුවත සැලවීමත් සමග සිය අප්‍රසාදය මේ සඳහා පළ කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now