කැන්බරා පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරුන් හට පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී අගමැති මැල්කම් ටර්න්බුල් තම "ජාතික බලශක්ති වැඩසටහනෙහි" ප්‍රධාන වෙනස්කම් කිහිපයක් කර ඉදිරිපත් කළ බව වාර්තා වේ.
දෙපිළකට බෙදී හටගෙන තිබෙන ලිබරල් සන්ධානයේ අභ්‍යන්තර අර්බුදය විසඳීමට මගක් ලෙස මෙම ක්‍රියාව සිදු කර ඇති බව සඳහන්.
නමුත් මේ අවස්ථාවට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සහභාගී නොවුණු බවද වාර්තා වේ.
දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් සම්මුතියට අනුව වසර 2030 වන විට ඔස්ට්‍රේලියාව තම කාබන් විමෝචන 26% කින් අඩු කළ යුතුව ඇති අතර අගමැති මැල්කම් ටර්න්බුල් ගේ "ජාතික බලශක්ති වැඩසටහනෙහි" ප්‍රධාන අරමුණ ලෙස මෙය සැලකිල්ලට ගැනිණි.
නමුත් ලිබරල් සන්ධාන රජයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම ප්‍රතිපත්ති වලට විරෝධය පාමින් සිටියි.
මේ හේතුවෙන් අගමැති ටර්න්බුල් තම ජාතික බලශක්ති වැඩසටහනෙහි කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්ම සිදු කර ඇති අතර විදුලිය සපයන ආයතන සඳහා තදින් ක්‍රියා කිරීම සහ කාබන් විමෝචනය අවම කිරීමේ ක්‍රියාවලිය වෙනස් කිරීම ඒ අතර ප්‍රධාන වේ.
නමුත් පැරිස් සම්මුතිය සම්බන්ධයෙන් අගමැති ටර්න්බුල් ශක්තිමත්ව කටයුතු කළ යුතු බව ලිබරල් සෙනට් සභික Eric Abetz, Sky පුවත් වෙත පැවසීය.
කම්කරු පක්ෂය සිය "ජාතික බලශක්ති වැඩසටහන" හෙළිදරව් කරයි.
ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ "ජාතික බලශක්ති වැඩසටහන" මෙන් නොව තම බලශක්ති වැඩසටහනෙහි මූලික අරමුණ ජනතාවට ඉතා අඩු මුදලට බලශක්තිය ලබා දීම බව කම්කරු පක්ෂයේ මුල්‍ය කටයුතු පිළිබඳ නියෝජිත මන්ත්‍රී Jim Chalmers පවසයි.
කම්කරු පක්ෂය තම බලශක්ති වැඩසටහන පසුගියදා ඉදිරිපත් කළ අතර එමගින් මිලියනයකට අධික නිවැසියන්ගේ වාර්ෂික විදුලිය බිලෙන් ඩොලර් 165 ක් පමණ කප්පාදු වන බවත් සුළු පරිමාන ව්‍යාපාර හිමියන්ට වසරකට ඩොලර් 1,500 ක් පමණ ඉතිරි කරගැනීමට හැකිවන බවත් දැක්වෙයි.
ලිබරල් සන්ධානය මේ වන විට "ජාතික බලශක්ති වැඩසටහන" ට නොව තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයට වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බව ද කම්කරු පක්ෂයේ මුල්‍ය කටයුතු පිළිබඳ නියෝජිත මන්ත්‍රී Jim Chalmers, A-B-C පුවත් වෙත පැවසීය.

