SKIP TO MAIN CONTENT

නොසන්සුන්කාරී තත්ත්ව හටගැනීම හේතුවෙන් ලංකාවේ සමාජ මාධ්‍ය තුන් වන වරටත් යලිත් තහනම්

Social media apps displayed on a mobile phone, 2019.
Social media apps displayed on a mobile phone, 2019. Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පවතින ආරක්ෂක තත්ත්වය මත යළිත් වරක් සමාජ මාධ්‍ය වෙත පිවිසීම අද (මැයි 13) පෙරවරුවේ සිට අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව දින අටක පමණ කාලයක් සමාජ මාධ්‍ය ප්‍රවේශය අවහිර කර තිබුණු අතර මේ වන විට එම අවහිර කිරීම සිදු කර ඇත්තේ තෙවන අවස්ථාවටයි.

මෙම ගෙවුණු සති අන්තයේදී හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණු ප්‍රකාශයක් හේතුවෙන් නොසන්සුන් වූ පිරිසක් ඊයේ (මැයි 12) ආගමික ස්ථානයකට හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කොට තිබේ.

මේ අතර ඊයේ (මැයි 12) මධ්‍යම රාත්‍රිය පසුවී සුළු වෙලාවකට පසුව කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වීම ද සිදුව ඇත. කුපිත වූ පිරිස් කුලියාපිටිය නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලකට ගිනි තබා ඇති අතර ගින්න මැඩලීම කුරුණෑගල නාගරික ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලදි. මේ අනුව කුලියාපිටිය, බිංගිරිය සහ දුම්මලසුරිය යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ පොලිස් ඇඳිරි නිතිය පනවනු ලැබිණ.

හලාවත නගරයට ඊයේ යොදන ලද පොලිස් ඇදිරිනීතිය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 4 ට ඉවත් කොට ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now