SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාස භංග විවාදය උණුසුම්

Parliament of Sri Lanka
Parliament of Sri Lanka Source: Creative Commons

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ඒකාබද්ද විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය සඳහා වන පාර්ලිමේන්තු විවාදය මේවන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පෙව 10 ට විවාදය ආරම්භ වුනු අතර දිවා ආහාර විවේකය සඳහා සභාව නතර කිරීමකින් තොරව රාත්‍රී 9 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන් හෙට අලුයම 1.30 දක්වා) විවාදය පැවැත්වීමට නියමිතයි. විවාදය අවසානයේ විශ්වාස භංගය ට එරෙහිව සහ පක්ෂව චන්දය විමසීමට නියමිතයි.

මේ වන විට විශ්වාස භංගයට පරාජය කිරීම සඳහා සියළුම එජාප පාර්ලිමේන්තු නියෝජිතයින් සහය පලකිරීමට එකඟව තිබේ. එසේම මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සංවිධානය, රිෂාඩ් බදියුදීන් ඇතුළු කණ්ඩායම, මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විශ්වාස භංගය පරාජය කිරීමට සහයෝගය ලබාදීම සඳහා එකඟතාව පලකොට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා එයට පක්ෂව චන්දය ලබාදීමට සුදානම්ව සිටින බව නවතම පාර්ලිමේන්තු වාර්තා අනුව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now