SKIP TO MAIN CONTENT

උලුරු පර්වතය නැඟීම තහනම් කිරීමේ නිල උත්සවයට අගමැති සහභාගී නොවීම ආදිවාසීන්ට කල අපහාසයක් : කම්කරු පක්ෂයෙන් චෝදනා

The climb was closed at 4pm local time on Friday 26 October.
A sign at the base of Uluru announces the permanent closure of the climb. Source: NITV News | Rachael Hocking

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ඔස්ට්‍රේලියාවේ උලුරු පර්වතය තරණය තහනම් කිරීම සනිටුහන් කරමින් පැවති නිල උත්සවයට අගමැති Scott Morrison නොපැමිණීමට ගත් තීරණය කම්කරු පක්ෂය විවේචනය කරයි.

මෙම නිල උත්සවය තුලදී එම එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වන Anangu ප්‍රජාවට වසර 34කට පෙරදී උලුරු පර්වතය ආශ්‍රිත ප්‍රදේශයේ අයිතිය ලැබීමද සමරා තිබෙයි.

මෙම නිල උත්සවයට පරිසර අමාත්‍යවරිය වන Sussan Ley, නොර්දර්න් ටෙරටරියෙහි ප්‍රධාන අමාත්‍ය Michael Gunner සහ කම්කරු පාක්ෂික දේශපාලඥයින් වන Pat Dodson සහ Linda Burney යන අය සහභාගී වූ බව වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියානු ආදී වාසී කටයුතු පිලිබඳ අමාත්‍ය Ken Wyatt මහතාට තමන්ගේ ඡන්ද කොට්ඨාසය තුල සිදු කිරීමට රාජකාරී තිබූ බැවින් මෙම නිල උත්සවයට සහභාගී නොවූ බව සඳහන් වෙයි. ඔහු මේ බව පවසා උලුරු පර්වතය ආශ්‍රිත ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ගෙන් සමාව අයැද තිබේ.

මෙම උත්සවයට සහභාගී වූ සෙනට් සභික Pat Dodson පවසා සිටියේ අගමැති Morrison මෙම නිල උත්සවයට නොපැමිණීමට ගත් තීරණය උලුරු පර්වතය ආශ්‍රිත ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ට කරන අගෞරවයක් බවයි.

Sinhalese
Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now