SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පස්වරුවේ සිදු කෙරෙන ලකුණු.

SL Cabinet reshuffle likely today.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඇතිවී ඇති දේශපාලන අර්බුදය විසඳීමට සිදු කිරීමට යන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පස්වරුවේ සිදුකරනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කබිර් හෂිම්, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක, මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, හරේන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයය පථයන් වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්  කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන  ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now