දරු උපතකින් පසුව මා පිය දෙදෙනාම සමාන දෙමාපිය නිවාඩු ලබා ගත යුතු බවට ඕස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් විශ්වාස කරන බව නවතම සමීක්ෂණයක් මඟින් හෙළිවෙයි.
I-N-G බැංකුව විසින් මෙම සමීක්ෂණය සිදුකරනු ලබා ඇත. එහිදී සමීක්ෂණයට ලක්වූ පුද්ගලයින් 1000 කට අධික පිරිසෙන් සියයට 76 ක් පමණ මා පිය දෙදෙනාම සමාන දෙමාපිය නිවාඩු ලබා ගත අයවලුන් බව හෙළිව ඇත.
එසේම සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 90 කට වඩා විශ්වාස කරන්නේ මා පිය දෙදෙනාම දරුවාගේ සමාන රැකබලා ගන්නන් ලෙස සැලකිය යුතු බවයි. රැකියා ස්ථානයේ දීද දෙමව්පියන්ට එසේ විය යුතු යැයි සියයට 96 ක් විශ්වාස කරන බවද මෙම සමීක්ෂණය මඟින් තවදුරටත් හෙළිකරනු ලබා ඇත.