සති දෙකක විරාමයකින් පසුව ඔස්ට්‍රේලියාවේ මධ්‍යම පාර්ලිමේන්තුව අද (10/09) යළි රැස්විය.
නමුත් අගෝස්තු 31 වන දින ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමත්, ලිබරල් සන්ධානයේ නැෂනල්ස් පක්ෂයේ මන්ත්‍රී Keith Hogan ස්වාධීන වීමට ගත තීරනයත්සමග ලිබරල් සන්ධානයේ ආසන 76, 74 දක්වා අඩුවී තිබේ.
මේ අතර කම්කරු පක්ෂයට ආසන 69 ක් පවතින අතර ස්වාධීන මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද සිටිති.
මැල්කම් ටර්න්බුල්ගෙන් හිස්වූ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පවත්වා නියෝජිතයෙකු පත් කරගැනීම ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිතය.
මේ හේතුවෙන් මේ සතිය අතිශය වැදගත් එකක් බව පහළ මන්ත්‍රණ සභාවේ විපක්ෂයේ සභා නායක Tony Burke, ABC පුවත් වෙත පැවසීය.

