SKIP TO MAIN CONTENT

ලංකාවේ මෙතෙක් පැවති ව්‍යවස්ථා වලින් හිතුවේ මහ ජාතිය ගැන විතරයි : ලක්ෂ්මන් කිරිඇල්ල.

Politics of Sri Lanka
Source: SBS Sinhalese - Nadeka Daya Bandara

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතවන ශ්‍රී ලාංකික අන්‍යනාව සහිත නව ව්‍යවස්ථාවක් රට වෙනුවෙන් නිර්මාණය කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

නිදහස ලැබීමෙන් අනතුරුව සකස් කරන ලද ව්‍යවස්ථා දෙකෙහිදීම සුලු ජාතින් පිළිබදව අවධානය යොමු නොකළ බවත් එහි එක් ප්‍රතිවිපාකයක් වූයේ තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය බවත් මහනුවර ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා (21/10) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන යුගවලදී රට වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කළ නමුත් ඒ අවස්ථා දෙකෙහිදීම සුලු ජාතීන් පිළිබදව අවධානය යොමු නොවුණු බවත් සුලු ජාතීන් ප්‍රතික්ෂේප කළ තත්ත්වයක් දක්නට ලැබුණු බවත් අමාත්‍යවරයා කීවේය.

නමුත් සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් නිදහස ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීමේ දී එරට ජීවත්වන සියලු ජාතීන් සමග සියලු ජාතින්ගේ අයිතිවාසිකම් රැකෙන නව ව්‍යවස්ථා සකස් කළ බවත් ඒ නිසා ජාතිවාදී අර්බුදවලින් තොරව එම රටවල් දියුණු වූ බවත්  ඒ මහතා සදහන් කළේය.

ඒ නිසාම සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් ආර්ථික වශයෙන් පළමු පෙළේ රටවල් දහය නියෝජනය කරන විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 150 වැනි ඉතාම අඩු තත්ත්වයක් යැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාව දියුණූ කිරීමට නම් ජාතිවාදී අරගලවලින් තොර ජාතික සමගියකින් යුතු රටක් බවට පත්විය යුතු යැයි වැඩිදුරටත් සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now