SKIP TO MAIN CONTENT

බංග්ලාදේශය සහ ඉන්දියාව ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට.

Asia cup 2018
Source: Wikipedia

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2018 ආසියානු කුසලානයේ ඊයේ (26/09) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 37 ක ජයක් ලබාගන්නට බංග්ලාදේශය සමත් විය.

මේ අනුව බංග්ලාදේශය 2018 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියලු දෙනා දැවී ලකුණු 239 ක් ලබා ගත්තේය.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 99 ක් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.

බංග්ලාදේශය ආසියානු කුසලානයක අවසන් මහා තරගය සඳහා තේරී පත්වූ තුන්වන අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වෙන 2018 ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට (28/09) දිනයේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 9.30 ට ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now