SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ වල නායකත්වය සුරංග ලක්මාල්ට.

Chandimal out of second Test; Suranga Lakmal named captain
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙකේ ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කිරීම දිනේෂ් චන්දිමාල් හට අහිමිවී තිබේ.

පළමු ටෙස්ට් තරගය අතරතුරේදී චන්දිමාල් ආබාධයකට ලක්වීම මීට හේතුවී තිබේ.

ඒ අනුව අනිද්දා දිනයේ මහනුවරදී ආරම්භ වන 2 වන ටෙස්ට් තරගයේත් නොවැම්බර් 23 වන දින කොළඹදී ආරම්භ වන 3 වන ටෙස්ට් තරගයේත් ශ්‍රී ලංකා පිළේ නායකයා ලෙස කටයුතු කිරීමට සුරංග ලක්මාල් පත් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now