අද පැවැත්වෙන පුටින් හමුව ගැන ට්‍රම්ප් නොසතුටෙන්

US President Donald J. Trump and US First Lady Melania Trump arrive at Helsinki

US President Donald J. Trump and US First Lady Melania Trump arrive at Helsinki Source: (Chris Ratcliffe/Bloomberg via Getty Images)

රුසියානු ජනධිපති Vladimir Putin සහ ඇමරිකානු ජනාධිපති Donald Trump අතර විශේෂ හමුවක් අද ෆින්ලන්තයේ Helsinki හිදී පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවෙන් පසුව ලොව වඩාත්ම අවධානයට ලක්වන ප්‍රමුඛ පෙලේ රාජ්‍ය නායක හමුව බවට මෙය ලෝක අවධානයට ලක්ව ඇත.

එහෙත් මෙම හමුව සම්බන්දයෙන් තමන්ගේ බලාපොරොත්තු ඉතා අවම මට්ටමක පවතින බව ජනාධිපති Donald Trump ප්‍රකාශ කර තිබේ. වර්තමානයේ සිරියානු අර්බුධය, යුක්රේන අර්බුධය ආදී කාරණා වලදී ඇමරිකාව සහ රුසියාව පරස්පර විරෝධී මත දරන අතර, CBS ප්‍රවෘත්ති සමගින් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුනේ අදාල සාකච්චාව සම්බන්දයෙන් තමන්ට විශාල බලාපොරොත්තු නොතිබුනත් තමන් අදාල අර්බුධ සමතයකට පත් කරගැනීමට තමන් උත්සාහ කරන බවයි.


1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now