SKIP TO MAIN CONTENT

පාසල් දරුවන්ගේ මානසික ගැටළු සම්බන්ධයෙන් මැදිහත් විය යුත්තේ කෙසේදැයි ඕස්ට්‍රේලියානු ගුරුවරුන්ට අවබෝධයක් නැහැ : සමීක්ෂණයක් හෙළිකරයි

Feto Afrika Amerikanu ne'ebe la kontente tuur iha kama laran
Feto Afrika Amerikanu ne'ebe la kontente tuur iha kama laran. Source: Tetra images RF

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මෙරට සිසුන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මානසික සෞඛ්‍ය ප්‍රධානතම කරුණක් බවට හඳුනාගෙන ඇතත් ඒ සඳහා කුමන අවස්ථාවකදී මැදිහත් වන්නේදැයි මෙරට ගුරුවරුන්ට අවබෝදයක් නොමැති බවට හෙළිවෙයි. මානසික සෞඛ්‍ය පිලිබදව කටයුතු කරන ආයතනයක් වන Beyond Blue ආයතනය මඟින් සිදුකරන ලද සමීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ. මේ සඳහා ගුරුවරුන් සහ පුර්ව අධ්‍යාපනික විශ්ශඥයින් 431 දෙනෙකු සහභාගී කොට ගෙන තිබේ. ඉන් 86% ක ප්‍රතිශතයක් පවසා ඇත්තේ මානසික සෞඛ්‍ය පාසල් දරුවන් පිළිබඳව අවධානයට ලක්කලයුතු ප්‍රධානතම අංශ 3 අතරට ගැනෙන බවයි. එය මේවන විට ප්‍රධානතම අභියෝගයක් වී ඇති ස්ථුලතාව සහ මත්ද්‍රවය වලට ඇබ්බැහිවීම යන අංශ වලට වඩා ප්‍රභල ස්ථානයක් ගන්නා බවද සමීක්ෂණයට සම්මබන්ද වුනු මෙම පිරිස පවසා තිබේ.

එහෙත් මෙයට සම්බන්ද වුනු පිරිසෙන් හරි අඩක්ම පවසා ඇත්තේ පාසල් දරුවන්ගේ මානසික ගැටළු වලදී කුමන අවස්ථාවකදී ඒ සඳහා මැදිහත් විය යුතු ද යන්න පිළිබඳව අවබෝදයක් නොමැති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now