SKIP TO MAIN CONTENT

කුරුණෑගල රෝහලේ පමණක් නොව පේරාදෙණිය රෝහලේ ද වඳ සැත්කම් සිදුකරලා : ත්‍රෛයිනිකායික ජාතික භික්ෂු එකමුතුවෙන් අනාවරණයක්

National Bhikku unity Press Conference. Kandy
National Bhikku unity Press Conference. Kandy Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

වඳ සැත්කම් සිදුකරන ලද බවට සැකකෙරෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි වැනි අන්තවාදී ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න ද ත්‍රස්තවාදියෙකු බව ත්‍රෛයිනිකායික ජාතික භික්ෂු එකමුතුවේ සම සංවිධායක පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියෝ පවසති. මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරයේ දී ඊයේ (මැයි 28) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ඒ පිළිබඳව ප්‍රකාශ කොට සිටියහ.

ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට ක්‍රියාකරන ඇමතිවරුන් මෙන්ම ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද, ජාතිය ප්‍රකෝප කරවන අයුරින් ප්‍රකාශ නිකුත් කරන අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය තලතා අතුකෝරල වැනි අය වහාම ප්‍රසිද්ධියේ හෝ මාධ්‍ය ඉදිරියේ දී මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිය යුතු යැයි කී උන්වහන්සේ තවදුරටත් මෙසේ සඳහන් කළහ.

"...මෙම අමාත්‍යවරුන් මහා සංඝරත්නයට අපහාස කරමින් ජාතිය ප්‍රකෝප කරන අයුරින් හැසිරෙනවා. එම ඇමතිවරුන් ජාතියෙන් සමාව නොගන්නේනම් තෛනිකායික ජාතික භික්ෂු එකමුතුව වශයෙන් දිවයිනේ විහාරස්ථාන, පන්සල්, ගම්මානවලට ගොස් ජනතාව පෙළ ගැස්වීමට අප සූදානම්. එහිදී ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන අමාත්‍යවරුන්ට ගමට පැමිණීමට අප ඉඩ තබන්නේ නැහැ.

මාධ්‍ය තුළින් නොයෙක් ප්‍රකාශ කරත් ඔබට යළි ජනතාව හමුවට පැමිණීමට සිදුවෙනවා. ජනතාව සමග සිටින මහා සංඝරත්නය වශයෙන් අපි ඔබට ගමක පැත්ත පළාතට පැමිණීමට ඉඩ තබන්නේ නැහැ. ජනතාවට වගකියන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකත්වයක් බිහි කිරීම සඳහා සියලු වැඩ පසෙකලා, අපි ගම් නියම්ගම් ගානේ ගොස් ජනතාව පෙළ ගැසීමට සූදානම්..."

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පමණක් නොව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ද වඳ සැත්කම් සිදුකර ඇති බව අද වනවිට අනාවරණය වී තිබෙනවා. පුදුම සහගත කරුණ වන්නේ මෙම සැත්කම් සිදුකළ මුස්ලිම් අන්තවාදී වෛද්‍යවරියකට මේ වන විට රටින් පැන යාමට පහසුකම් සලසා තිබීමයි. මෙය ඉතාමත් ම ඛේදනීය තත්ත්වයක්. රටින් පැන යාමට ඉඩ සැලැස්වූ එම වෛද්‍යවරිය ජාත්‍යන්තරය තුළ දී හෝ අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ යුතුයි.

එම වෛද්‍යවරිය අත්අඩංගුවට ගතහොත් මෙම කෙරෙන පරීක්ෂණවලට තවත් තොරතුරු ගණනාවක් අනාවරණය කරගත හැකි යැයි පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

** SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිනි....

.
. Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now