SKIP TO MAIN CONTENT

කොළඹ නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් සියයට හැටක් කොළඹ පදිංචිකරුවන් නොවන බව ජනපති මෛත්‍රී හෙළි කරයි.

Politics of SL
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

කොළඹ නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් සියයට හැටක් කොළඹ පදිංචිකරුවන් නොවන බවත් ප්‍රවේශවීමට පාසලක් නොමැති දරුවන් දහස් ගණනක් කොළඹ ජීවත්වන  බවත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නොවැම්බර් 15 වන දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

2016 වර්ෂය වෙනුවෙන් පැවැති මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී විශිෂ්ඨ අධ්‍යාපන හා විෂය සමගාමී කුසලතා දැක්වූ පාසල් දැරියන් රැසක් ජනාධිපතිවරයා අතින් ත්‍යාග හා සහතික පත්‍ර ලබා ගත්තෝය.

විදුහලේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුද්දර කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුවිය.

අඩු ආදායම්ලාභී ජනතාවට සිය දරුවන් කොළඹ පාසල්වලට ඇතුල් කිරීමට හැකියාවක් නොමැති බවත් ජනපතිවරයා එහිදී පැවසුවේය.

"සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාදීමට රජය බැදී සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙනවා. එසේ නම් යහපත් රටක් සකස් කිරීමට නම් යහපත් අංග වර්ධනය කරන අයුරින්ම අහිතකර අංශ පාලනය කළ යුතුයි." යනුවෙන් ද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, පුෂ්පදාන බාලිකා විදුහල්පතිනි ඊ.ඩබ්ලියු.එල්.කේ.එගොඩවෙල මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගිවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now