SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ පත්වුණු නව ආණ්ඩුකාරවරුන් මෙන්න

Lecturer Dhamma Dissanayaka appointed as a governor
Lecturer Dhamma Dissanayaka appointed as a governor

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් 9 ට අදාලව නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම යටතේ ඊයේ (7) දිනයේදී තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දුන්හ. දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී සිදුවිය.

ඒ අනුව ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ස්වාධීන මැතිවරණ නිරීක්ෂණය වෙනුවෙන් වන රාජ්‍ය නොවන සංවිධානයක් වන කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පත්කොට තිබේ. එසේම සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා ද උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස සුරේන් රාගවන් මහතා ද දිවුරුම් දුන්හ.

ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේදී තවත් ආණ්ඩුකාර වරු 5ස් දෙනෙකුට පත්වීම් ලබාදී තිබුණි. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලි මහතා ටද , මධ්‍යම පළාතට මෛත්‍රී ගුණරත්න , උතුරු මැද පළාත සඳහා සරත් ඒකනායක, වයඹ පළාත සනදහා පේෂල ජයරත්න සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර පදවියට M L A M හිස්බුල්ලා මහතා ද පිලිවෙලින් පත්කොට තිබිණ

කෙසේවෙතත් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට මේවනතෙක් කිසිවෙකුත් පත්කොට නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now