SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ජාතික රජය නොකඩවා පවත්වා ගෙන යන බව අගමැති රනිල් පාර්ලිමේන්තුවට කියයි.

National Government will be continued : PM.
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පිහිටුවාගත් ජාතික රජය නොකඩවා පවත්වා ගෙන යන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවිර මහතාගේ නිල දැනුම් දීම තමා පිළිගන්නා බව කතානායක කරු ජයසුරිය මහතා ඊයේ (21/02)  පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

ජාතික රජය තව දුරටත් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ අවධාරණය කළහ.

එක්සත් ජාතික පක්ෂය යෝජනා කර 2015 සැප්තැම්බර් 3 දා පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පිහිටවූ ජාතික රජය තවදුරටත් වලංගුව පවතින බවත් ජාතික රජය අවලංගු වී නොමැති බැවින් යළි පිහිටුවීමේ හෝ ගිවිසුම් ගතකිරිමේ අවශ්‍යතාවක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු‍වේදී ඊයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුව ගෙන ඇති තීරණයට අනුව ජාතික රජය තවදුරටත් ක්‍රියාත්මක බවද අගමැතිවරයා පැවැසීය.

ජාතික රජය අහෝසි වී ඇති බවට වැරදි මත ගොඩනැගීමට කටයුතු නොකරන ලෙසද අගමැතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් අත්සන් කළ ගිවිසුමේ ශ්‍රිලනිපයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දෙකම බැඳි සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා එහිදී සඳහන් කළේය.

ජාතික රජයේ දෙවසරක කාලය අවසන් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (20/02) කතානායකවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව කතානායකවරයා  ඒ පිළිබඳ අගමැතිවරයා සමග සාකච්ඡා කර මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now