SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

Sri Lanka's Danushka Gunathilaka
Sri Lanka won the toss and will bat first in a dead-rubber to conclude the five-match ODI series. (AAP) Source: AP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake


Skip to article content

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක හට සියලුම ජාත්‍යන්තර තරග සදහා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ක්‍රීඩකයින්ට අදාල චර්යා ධර්ම පද්ධතියට හානි වන සේ කටයුතු කිරීම හේතුවෙන් මේ පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 57ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 61ක්ද වාර්තා කරන්නට දනුෂ්ක සමත් විය.

මෙම ටෙස්ට් තරගයේ නිමාවත් සමගින් දනුෂ්ක ගුණතිලකට එරෙහි මෙම තරග තහනම ක්‍රියාත්මක වන බවත් අදාල තරගයට අදාල ගාස්තුද තාවකාලිකව අත්හිටවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවෙධ්නය කර තිබේ.

මිට පෙරද දනුෂ්ක සම්බන්දයෙන් විනය විරෝධී ක්‍රියා වාර්තා වීම හේතුවෙන් ඔහුට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  විසින් විනය ක්‍රියා මාර්ග ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now