SKIP TO MAIN CONTENT

බෝම්බ බිය මැද 6 සිට 13 වසර සිසුන් සඳහා පමණක් ලංකාවේ පාසල් අද ආරම්භ වෙයි.

AP
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ශ්‍රී ලංකාවේ දෙවන පාසල් වාරය සඳහා 6 වසරේ සිට 13 වසර දක්වා සිසුන් සඳහා පමණක් අද (06/05) දිනයේ පාසල් ආරම්භ කිරීමට නියමිතය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාව තුළ ඇතිවී ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ දෙවන පාසල් වාරය අදියර දෙකකින් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසුගිය අප්‍රේල් 22 වනදින පාසල් ආරම්භ කිරිමට නියමිතව තිබුණද පැවති අයහපත් ආරක්ෂක වාතාවරණය හේතුවෙන් එය කල්දෑමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.

මේ අතර ශ්‍රී ලංකාවේ පාසල්වල ප්‍රාථමික අංශයන් ආරම්භ කරනු ලබන්නේ මැයි 13 වන දින බව අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේදීම ශ්‍රී ලංකාවේ පාසල් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව අද දිනයේදී පාසල් වෑන් රථ සඳහා ඒවා නවතා තැබීමට වෙනමම ස්ථාන මේ වනවිට පොලීසිය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම පාසල් ආරම්භ කිරීම කල් දමන ලෙසට මහනායක හිමිවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ඊට රජය ප්‍රතිචාර දක්වා නැති බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now