කොළඹ පැවැති සංක‍්‍රමණික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ දී සියලු රටවල් සංක‍්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රතිපත්තියක් සකස් කොට කි‍්‍රයාත්මක කිරීමට එකඟ වෙයි

Migration heath summit - Colombo

Migration heath summit - Colombo Source: www.migrationhealth.lk

තෙදිනක් පුරා කොළඹදී පැවැත්වුණු සංක‍්‍රමණික සෞඛ්‍ය පිළිබඳ දෙවන අන්තර්ජාතික උපදේශන සමුළුවේ  නිමාව ඊයේ (23) සිදුවිය. එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සියලූ රටවල් සංක‍්‍රමණිකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් සකස් කොට කි‍්‍රයාත්මක කිරීමට එකඟ වී  තිබේ. තවද සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ කොළඹ ප්‍රකාශය එළිදැක්වීමද කොළඹ පැවැති සංක‍්‍රමණික සෞඛ්‍ය පිළිබඳ දෙවන අන්තර්ජාතික උපදේශන සමුළුවේ දී සිදු විය.

2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත වූ යෝජනාවකට අනුව එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සියලූ රටවල් සංක‍්‍රමිණිකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් සකස් කොට කි‍්‍රයාත්මක කිරීමට  එකඟවිය. මෙම යෝජනාවට ඉතා සංවේදීව ප‍්‍රතිචාර දැක්වූ ශී‍්‍ර ලංකාව සංක‍්‍රමණිකයන් සඳහා සෞඛ්‍ය ප‍්‍රතිපත්තයක් සැකසූ ප‍්‍රථම සහ එකම රට බවට මේ වන විට පත්ව සිටී. එම සංවේදී ප‍්‍රතිචාරය වෙත කරනු ලබන ගරු කිරිමක් වශයෙන් සංක‍්‍රමණික සෞඛ්‍ය පිළිබඳ  දෙවන අන්තර්ජාතික උපදේශන සමුළුව  ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරිණි.

නීති විරෝධි අයුරින් පැමිණෙන සංක‍්‍රමණිකයන් පිළිබඳ එක් එක් රටවල් විසින් ජාතික වශයෙන් තීන්දු තීරණ ගන්නවා සේම අන්තර්ජාතික වශයෙන් ද එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය එහිදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කොට සිටියේය.

නීත්‍යානුකූලව පැමිණෙන සංක‍්‍රමණිකයා රටකට ආශිර්වාදයක් වන අතර නීතිවිරෝධි සංක‍්‍රමණිකයා එම රටට සෞඛ්‍ය මෙන්ම සමාජයීය, ආර්ථික, දේශපාලන ගැටලූ රැුසක් ඇතිකරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය. සංක‍්‍රමණිකයන් මෙන්ම සරණාගතයින් පිළිබඳ ප‍්‍රශ්නයට එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලූ සංවිධාන විසින් අද ප‍්‍රමුඛත්වයක් දි කටයුතු කරන්නේ එබැවින් බව පැවසූ ජනාධිපතිවරයා තමා ද වාර්ෂිකව එක්සත් ජාතින්ගේ සමුළුවට සහභාගීවීමේදී මෙන්ම ඒ හා සමගාමීව පැවැත්වෙන සියලූ සාකච්ඡුාවලදී සරණාගතයින්ගේ සහ සංක‍්‍රමණිකයින්ගේ සෞඛ්‍ය පිළිබඳ ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් කටයුතු කාර්යයන් පිළිබඳ පෞද්ගලිකව අවධානය යොමු කරමින් කටයුතු කරන බව ප‍්‍රකාශ කළේ ය.

එහිදී එළිදැක්වුණු කොළඹ ප‍්‍රකාශනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහ සියලූ සාමාජික රටවල් කැපවීමෙන් කටයුතු කරනු  ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේ ය.

රටවල් 19 ක පමණ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය 21 වනදා කොළඹදී ආරම්භ වූ සමුළුව ඊයෙන් ( 23) අවසන් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පුනම් ඛෙත‍්‍රපාල් සිංග්, සංක‍්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ආසියා හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය නෙනෙටි මෝටස් මහත්මිය ඇතුළු විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Share

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now