SKIP TO MAIN CONTENT

බෝගම්බර හිර ගෙදර සංචාරක මධ්‍යස්ථානයක් කරන්න අගමැති රනිල් සැරසෙයි.

Bogmabara will develop as a Tourism center: PM ranil.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

මෙරට ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට මහනුවර පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කරමින් එහි සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා ගරු කරමින් උන්වහන්සේලාගේ පූර්ණ අනුමැතිය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ දියත් කරන බව මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අගමැතිවරයා ඊයේ (19/01) මාධ්‍යය හමුවේ මේබව කීවේය.

මෙරට යටත් විජිතයක්ව පැවැති සමයේ ඉංග්‍රීසි පාලකයින් විසින් ඉදි කරන ලද බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්  පල්ලේකැලේ ප්‍රදේශයට ගෙන යෑමෙන් පසු එහි ගොඩනැගිලි හිස් විය.

උඩරට සංස්කෘතික උරුමයන් ආරක්ෂා කෙරෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් එහි ස්ථාපිත කරන ලෙස යෝජනා ඉදිරිපත්වූ අතර රජය එම යෝජනාද සැලකිල්ලට ගෙන නව සංවර්ධන වැඩපිළිවෙළ සැළසුම් කර තිබේ.

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය අදියර තුනක් යටතේ සංවර්ධනය කිරීමට නියමිත අතර ජනතාවට විවේකීව ගත කිරීමට සුදුසු උද්‍යානයක් ලෙස එය රුපියල් ලක්ෂ 4000 ක වියදමින් පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර සෙසු අදියර ජපන් රජයේ සහය මත ක්‍රියාක්මක කිරීමට සැලසුම් කර ඇත.

අගමැතිවරයා ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ලේ ස්ථාපිතව තිබූ පෝරකය,සිරමැදිරි ඇතුළු ස්ථාන රැසක් දැක බලා ගැනීමෙන් පසු ව්‍යාපෘති සැලස්මද අධ්‍යන්‍යය කරනු ලැබීය.

මහනුවර නගරය ගන්නෝරුව සිට දිගන දක්වා දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කෙරෙන බවත් මෙම සංවර්ධන ව්‍යාපෘති සියල්ල එකි නෙකට බද්ධ වනසේ සිදු කිරීමට සැළසුම් කර තිබෙන බවත් මෙහිදී අගමැතිවරයා කීය.

උඩරට පාරම්පරික කලා නිර්මාණ ඉස්මතු කර දැක්වෙන කලාගාර,ආපනා ශාලා,හෝටල් කාමර ඇතුළු අංග රැසක් සඳහා මෙම භූමියේ ඉඩකඩ වෙන් කෙරෙන බවත් මෙමඟින් ඍජුව හා වක්‍රව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමත් සමඟ මෙම සංවර්ධන ව්‍යාපෘතිද ඒකාබද්ධ වීමෙන් මහනුවර සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බවත් මහනුවරට පැමිණෙන සංචාරකයින් දින කිහිපයක් නගරයේ රඳවා තබා ගැනීම මගින් නගරයට තවත් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.

මෙම ව්‍යාපෘති සඳහා මූල්‍යධාර මෙන්ම තාක්ෂණික ආධාරද වැදගත් බවත් මෙහි මූලික සැලසුම් ජපානය මගින් සිදුකරන බවත් කී ඒ මහතා මහනුවර ගෘහ නිර්මාණ සැලසුම් ගරු කරමින් අදාළ ව්‍යාපෘති දියත් කරන බවද අවධාණය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now