SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන කිහිපයක් ඉදිරියට.

ICC Test Ranking
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස ජයගැනීමත් සමග ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.

ඒ අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ වල 29 වන ස්ථානයේ පසු වූ කුසල් මෙන්ඩිස් 18 වන ස්ථානයටද 45වන ස්ථානයේ පසුවූ නිරෝෂන් දික්වැල්ල 37 වන ස්ථානයටද පැමිණ ඇත.

නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු ප්‍රසාද ලකුණු 455ක් ලබාගනිමින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 65 වන ස්ථානයට පැමිණීමට සමත්වීමද විශේෂත්වයකි.

එමෙන්ම දකුණු අප්‍රිකාව සමඟ නිමාවූ ටෙස්ට් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වූ විශ්ව ප්‍රනාන්දු ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි 43 වන ස්ථානය දක්වාත්, සුරංග ලක්මාල් 30 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව අතින් පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට ලක්වූ දකුණු අප්‍රිකාව ICC ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි තුන්වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියට පෙර දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 110 ක් සමඟ ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ පසුවිය.

නමුත් එම තරගාවලිය 2-0 ක් ලෙස පරාජය වීමත් සමග එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 105 ක් බවට පත්වී දකු අප්‍රිකාව තුන්වන ස්ථානයට ඇද වැටී ඇත.

එම තරගාවලිය ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 89 සිට 93 දක්වා ඉහළ ගියද ශ්‍රී ලංකාව තවදුරටත් පසුවන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානයේය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now