SKIP TO MAIN CONTENT

කොරෝනා පොකුරක් නිසා උතුරු මෙල්බර්න් කලාපයේ වැසියන් 800 ක් හුදකලා කෙරේ

Medical workers and police are seen at a Government Commission tower in North Melbourne on Saturday.
800 self-isolating in Melbourne's north Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

උතුරු මෙල්බර්න් කලාපයේ හටගෙන ඇති කොරෝනා පොකුර සාර්ථකව මැඩ පවත්වමින් වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති එළෙඹෙන ඉරිදා තවත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

අදාළ කොරෝනා පොකුර නිසා උතුරු මෙල්බර්න් කලාපයේ වැසියන් 800 කට අධික පිරිසක් මේ වන විට හුදකලා කර ඇති අතර පාසල් දෙකක් මේ වන විට වසා දමා තිබේ.

එමෙන්ම උතුරු මෙල්බෙර්න් කලාපයට අයත් Dallas, Roxburgh Park, Broadmeadows, Preston සහ West Heidelberg යන උප නගර වාසීනට කොරෝනා සම්බන්ධ සුළු හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

කොරෝනා වයිරසයේ අවිනිශ්චිතභාවය පිළිබඳ තවත් උදාහරණයක් උතුරු මෙල්බෙර්න් කලාපයෙන් ලැබෙමින් පවතින බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now