SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය : මෙන්ඩිස් ලංකාව ගොඩ ගනී.

1st Test, Sri Lanka tour of West Indies
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය (09/06) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 කට ලකුණු 176 ක් ලබා සිටියි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94 ක් රැස් කර සිටියි.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තම පළමු ඉනිම කඩුලු 8 ක් බිඳ වැටී සිටියදී ලකුණු 414 කට නවතදමා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

එහිදී කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Shane Dowrich නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිළේ ප්‍රථම ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 44 රැස් කරනු ලැබුවේ නායක දිනේෂ් චන්දිමාල් විසිනි.

දෙවැනි ඉනිම ඇරඹු කොදෙව්වන් කඩුලු 7 ක් දැවී සිටියදී ලකුණු 227 කට ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට දෙවනි ඉනිම සඳහා ආරාධනා කළේය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ජය ගැනීම සඳහා තවත් කඩුලු 7 ක් අතැතිව ලකුණු 277 ක් ලබා ගත යුතුව තිබේ.

අද (10/06) තරගයේ අවසාන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now