SKIP TO MAIN CONTENT

රෝගීන් පරීක්ෂාවට වැඩි කාලයක් වැය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය අමතර මුල්‍ය ප්‍රතිපාදන ඉල්ලයි.

Doctor and patient
Doctor and patient Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රෝගීන් පරීක්ෂාව සඳහා වැඩි කාලයක් වැය කිරීමට පවුලේ වෛද්‍යවරුන් හට අවස්ථාව ලබාදීම පිණිස මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය ඉල්ලා සිටියි.

හෘදය පරීක්ෂාවන් සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් වෙන් කරන බවට වතමන් ලිබරල් සන්ධාන රජය සහ කම්කරු පක්ෂය පොරොන්දු වීමත් සමග ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

එළඹෙන අප්‍රේල් 01 වන දින සිට හෘදය රෝග සඳහා අවදානමක් ඇති රෝගීන්ට Medicare හරහා හෘදය පරීක්ෂාවන් සිදුකරගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දෙයි.

මේ හරහා වසරකට දස දහසක පමණ හෘදය ආබාධ වලක්වාගැනීමට හැකි බවත් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකිවන බවත් සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

මධ්‍යම රජයේ මෙම ක්‍රියාව අගය කරන නමුත් රෝගීන්ගේ යහපත උදෙසා ඔස්ට්‍රේලියානු වෛද්‍ය ක්ෂේත්‍රයට තව තවත් පහසුකම් අවශ්‍ය බවත්  ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Tony Bartone පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now