SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය : බංග්ලාදේශය ප්‍රබල දකුණු අප්‍රිකාව දණ ගස්වයි.

Bangladesh cricket tour of Sri Lanka in a precarious situation again
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (02/06) පැවති තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකාව පරදා ලකුණු 21 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකණු 330 ක් රැස් කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකි විය.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් මුශ්ෆිකුර් රහීම් ලකුණු 78 ක්ද ෂකීබ් අල් හසන් ලකුණු 75 ක්ද ලබාගනිමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 300 සීමාවට ගෙන ගියෝය.

ජයග්‍රාහී ලකුණු 331 ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරැඹු දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලබාගත හැකිවුයේ ලකුණු 309 කි.

ඒ අනුව එම තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශ කණ්ඩායමේ ෂකීබ් අල් හසන් හට හිමිවිය.

මේ අතර අද දිනයේ එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now