ඌව - වෙල්ලස්ස නිදහස් අරගලයට පණ දී දේශ ද්‍රෝහීන් වූ 82 නෙකු ජාතික වීරයින් වූ වගයි.

82 heroes of Uva Wellassa declared patriots

Source: www.roar.lk

1818 ඌව - වෙල්ලස්ස නිදහස් අරගලයට දායකවීම හේතුවෙන් ඉංග්‍රීසින් විසින් මරණ දඬුවම නියම කළ සහ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ විරුවන් අසූ දෙදෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (01/03) අත්සන් තැබීය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී සාම්ප්‍රදායනුකූල චාරිත්‍රවලට අනුකූලව පැවැත්වූ  උත්සවයකදී ජනාධිපතිවරයා විසින්  මෙම ගැසට් පත්‍රයට අත්සන් තබන ලදී.

ඌව - වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොල මහාධිකාරම්, කිවුලේ ගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේ රාළ ඇතුලු දේශීය වීරවරයන් 49 දෙනෙකුට එවකට සිටි ඉංග්‍රීසි රජය මරණ දඬුවම නියම කළේය.

එසේම පිළිමතලාවේ අධිකාරම්, කොහුකුඹුරේ රටේ රාල ඇතුලු තිස් දෙදෙනෙකු මුරුසි දිවයිනට පිටත් කර යැවූ බව ද සඳහන්.

ඌව - වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදුන් කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු 19 දෙනෙකු ජනාධිපතිවරයා විසින් මීට පෙරතුව රණශූරයන් ලෙස නම් කරනු ලැබීය.

ඊයේ අත්සන් කළ ගැසට් පත්‍රය එහි දෙවන අදියර බවද වාර්තා වේ.

මේ අතර උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම පසුගිය කාලයේ අහෝසි කර තිබු බවත්  උඩරට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අඩාල වීමට එයද එක් ප්‍රධානා හේතුවක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

මේ හේතුවෙන්  උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම නැවත ස්ථාපනය කිරීමට තමන් උපදෙස් ලබා දුන් බවද එතුමා එහිදී ප්‍රකාශ කළේය.


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now