SKIP TO MAIN CONTENT

පැසිෆික් කලාපයේ රටවල සිසුන් හට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අමතර ශිෂ්‍යත්ව.

APEC Summit 2018
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පැසිෆික් කලාපයේ රටවල සිසුන් හට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අමතර ශිෂ්‍යත්ව පිරිනැමීමට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison මෙවර APEC සමුළුවේදී පොරොන්දු විය.

ආසියා පැසිෆික් කලාපයත් සමග පවත්වන සබඳතා තවත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම කලාපයේ දේශපාලනඥයින්ට, ව්‍යාපාරිකයින්ට සහ ක්‍රීඩකයින්ට "Pacific Australia Card" ලබාගැනීමට අවසර ලබාදෙන බවත් ඒ හරහා ඔස්ට්‍රේලියාවට පහසුවෙන් සංචාරය කිරීමට හැකිවන බවත් අගමැති මොරිසන් එහිදී වැඩි දුරටත් පැවසීය.

ඇමෙරිකාව සමග හෝ චීනය සමග හෝ මිත්‍ර වනවාද යන්න තෝරාගැනීම ඔස්ට්‍රේලියාවට අවශ්‍ය නැතැයි ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison එහිදී පැවසීය.

වෙළෙඳ ගනුදෙනු හේතුවෙන් ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවී තිබෙන බෙදීම මෙවර APEC සමුළුවේදී ඉතා දැඩි ලෙස ඉස්මතුවූ අතර ඒ පිළිබඳ කිසිදු අවසන් තීන්දුවක් නොමැතිව මෙවර සමුළුව නිමාවට පත්විය.

කෙසේවෙතත්, පවතින තත්ත්වය මත ඇමෙරිකාව සහ චීනය යන රටවල් ද්විත්වය සමගම ඔස්ට්‍රේලියාවට ගනුදෙනු කිරීම ගැටලුවක් නොමැති බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.

පැපුවා නිව් ගීනියාවේ පැවති 2018 ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාව හෙවත් APEC සමුළුව ඊයේ දිනයේදී නිමාවට පත්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now