SKIP TO MAIN CONTENT

කළගුණ සළකන්න බැරි උනාට අපි ඔබලව අමතක කරලා නැහැ : කබීර් හෂීම්.

Kabir Hashim speaks about UNP supporters.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

එක්සත් ජාතික පක්ෂය දිනවීම සදහා දැඩි කැපකිරීමක් කළ බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට කෘතගුණ සැලකීමට අවස්ථාව නොලැබුණු  නමුත් ඔවුන් කිසිසේත්ම අමතක කර නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.

සියයට පනහක බලයක් සහිතව ආණ්ඩුව කරන එක්සත් ජාතික පක්ෂයට වසර දෙක හමාරක් වැනි කාලයක් තුළ පාක්ෂිකයන් වෙනුවෙන් පැහැදිලි කෘතගුණ දැක්වීමක් කළ නොහැකිවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගීවෙමින් අමාත්‍යවරයා එහිදී මේ බව කීවේය.

වර්ෂ 1977දී හයෙන් පහක් සහිතව ආණ්ඩු බලය ලබා  දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවට රැකියා ලබාදීම සදහා වසර තුනක කාලයක් ගතවූ බව කී අමාත්‍යවරයා, එතුමාට ආයෝජන කලාප බිහි කිරීමට අවස්ථාව ලැබුණේ වර්ෂ 1984දී යැයි ද පැවසීය.

එවැනි තත්ත්වයත් තුළ වසර දෙක හමාරක් වැනි කෙටි කලත් තුළ රැකියා ඉල්ලා සිටිනවා නම් ඒ ඉල්ලීම සාධාරණ නොවන බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now