SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විශේෂ බලකායට ඩොලර් මිලියන 500 ක අමතර මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ.

Australian federal government will today announce a $500 million funding boost to Australia's special forces.
Source: Supplied

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ විශේෂ බලකායට ඩොලර් මිලියන 500 ක මුල්‍ය ප්‍රතිපාදන සැපයීම ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ පිළිබඳ නිල නිවේදනය අද (12/08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු විශේෂ බලකායට වසර 20 ක් පුරාවට වෙන් කෙරුණු ඩොලර් බිලියන 3 ක මුල්‍ය ප්‍රතිපාදන වලට අමතරව මෙම ඩොලර් මිලියන 500 ක මුදල ලබදෙන අතර එය ඉදිරි වසර 4 පුරාවට විහිදී යන අයුරින් ලබාදීමට කටයුතු යොදා තිබේ.

මතුවෙමින් පවතින ගෝලීය ආරක්ෂක තර්ජන හමුවේ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම මුල්‍ය ප්‍රතිපාදන හරහා ඔස්ට්‍රේලියාවේ විශේෂ බලකාය සන්නද්ධ කිරීම මධ්‍යම රජයේ අපේක්ෂාව බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now