චීනය සමග සිය කෝන්තරයට ඔස්ට්‍රේලියාවත් පැටලවීමේ ඇමෙරිකානු සූදානමට ඔස්ට්‍රේලියාව වැට බඳියි.

Australia's relationship with the U-S as well as with China are of equal importance.

Australia's relationship with the U-S as well as with China are of equal importance. Source: AAP

චීනයත් සමග ගනුදෙනු කිරීමේදී ආරක්ෂණවාදය අනුගමනය කිරීම වැඩදායී නොවන බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනී Marise Payne ඇමෙරිකාවට පවසයි.

ඊයේ සිඩ්නි නුවර පැවති ඔස්ට්‍රේලියානු - ඇමෙරිකානු වාර්ෂික අමාත්‍ය සමුළුවේදී ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනිය මේ බව පවසා තිබේ.

ඔස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් පැසිෆික් කලාපීය රටවලට චීනයෙන් ඇතිවන බලපෑම පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් එහිදී අනතුරු අඟවා තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාව, චීනයත් සමග පවත්වන ගණුදෙනු තවදුරටත් ශක්තිමත් කරන බව ඇමෙරිකානු අනතුරු ඇඟවීම් නොතකා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනීය එහිදී පැවසුවාය.

ඔස්ට්‍රේලියාව, අමෙරිකාවත් සමග මෙන්ම චීනයත් සමග පවත්වන සම්බන්ධකම් එක ලෙස වැදගත් බව ද ඇය එහිදී වැඩි දුරටත් පැහැදිලි කළාය.

An Iranian military boat patrols next to the Artavil oil tanker in the Persian Gulf.
An Iranian military boat patrols next to the Artavil oil tanker in the Persian Gulf. Source: AAP

මේ අතර ගල්ෆ් කලාපය හරහා වැටී ඇති ජාත්‍යන්තර නාවුක මාර්ගය ආරක්ෂා කරගැනීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සිය මිත්‍ර රටවලින් ඉල්ලයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ ඊයේ සිඩ්නි නුවර පැවති ඔස්ට්‍රේලියානු - ඇමෙරිකානු වාර්ෂික අමාත්‍ය සමුළුවේදීය.

ඉරානය විදේශ තෙල් නෞකාවන් කිහිපයක් අත්පත් කරගැනීම හේතුවෙන් ගල්ෆ් කලාපය හරහා වැටී ඇති ජාත්‍යන්තර නාවුක මාර්ගය අනාරක්ෂිත බව ඔහු එහිදී පැවසුවේය.

ඒ අනුව එම නාවුක මාර්ගය ආරක්ෂා කරගැනීමට ඔස්ට්‍රේලියවටද, ඇමෙරිකාව ආරාධනා කළේය.

කෙසේනමුත්, ඇමෙරිකාවේ මෙම ඉල්ලීම ඉතා සංකීර්ණ බවත් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමතිනී Linda Reynolds පැවසුවාය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now