SKIP TO MAIN CONTENT

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවට වීසා රහිතව පැමිණීමට අවසර දෙන්න ගිය වැඩසටහන අත්හිටුවයි.

Sri Lankan Airport
Sri Lankan Airport Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා රහිතව පැමිණීමට රටවල් 39 ක් වෙත ලබාදීමට සැලසුම් කළ වැඩසටහන අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ඇතිවූ බෝම්බ ප්‍රහාරත් සමග ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිවී ඇති ආරක්ෂක තත්ත්වය සලකා බලා මේ තීරණය ගත් බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් රටවල් 39 කට වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ශ්‍රී ලංකා රජය මැයි 01 වන දින සිට විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් ඇතුළු රවටල 39 ක් එම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now