SKIP TO MAIN CONTENT

රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකට.

No-faith motion against PM handed over
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඊයේ (21/03)  ඒකාබද්‍‍‍ධ විපක්‍ෂය විසින් කතානායකවරයාට බාර දෙනු ලැබීය.

මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 කට අමතරව රාජ්‍ය ඇමැති ටී බී ඒකනායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ සහ මන්ත්‍රී කාදර් මස්තාන් නැමති  ආණ්ඩු පක්ෂයේ හතර දෙනකු ද අත්සන් තබා තිබේ.

කෙසේනමුත් මෙම විශ්වාස භංග යෝජනාව සඳහා හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කර නොමැති බවද වාර්තා වේ.

ඊට අමතරව මෙම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අත්සන් කර නොමැති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now