SKIP TO MAIN CONTENT

ලහිරු තිරිමාන්න වසරකට පසුව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.

Thirimanne recalls for SL Squad after one year.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එළමෙන දෙසැම්බර් 15 වන දින ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙම ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්. කුසල් රජිත, ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත්ය.

නවසීලන්ත ටෙස්ට් තරගවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දිනේෂ් චන්දිමාල් ද උප නායක ලෙස දිමුත් කරුණාරත්න ද කටයුතු කරනු ලැබේ.

ලහිරු තිරිමාන්න වසරකට පමණ පසුව නැවතත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම මෙහිදී සුවිශේෂී කරුණකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now